Home උණුසුම් පුවත් IMF දෙවැනි වාරිකය ගැන තීරණාත්මක සාකච්ඡාව ලබන සතියේ

IMF දෙවැනි වාරිකය ගැන තීරණාත්මක සාකච්ඡාව ලබන සතියේ

IMF දෙවැනි වාරිකය ගැන තීරණාත්මක සාකච්ඡාව ලබන සතියේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් මෙරටට ලබාගැනීමට අපේක්ෂිත විස්තීරණ ණය පහසුකමෙහි දෙවැනි වාරිකයට අදාළව තීරණාත්මක සාකච්ඡාවක් ලබන 12 වැනිදා පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව දෙවැනි වාරිකය ලබාගැනීමට ඉඩ ලැබෙන බව අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ය.

එමෙන්ම, ජනපතිගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට විදේශ සබඳතා නිවැරදි දිශානතියකට ගෙන යාමට හැකිව ඇති බව හෙතෙම කියයි.

ශ්‍රී ලංකාව සිය ඒකීයභාවය ආරක්ෂා කරගනිමින් සියලුම විදේශීය රටවල් සමඟ මිත්‍රශීලි සබඳතා ගොඩනඟා ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.

මීට අමතරව, එක් පාර්ශ්වයකට සීමා නොවී, සියලුම රටවලට මිත්‍රත්වයේ දෑත් දිගු කිරීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here