Home උණුසුම් පුවත් කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්ස් අද ඉඳන් කාලා හමාරයි!

කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්ස් අද ඉඳන් කාලා හමාරයි!

කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්ස් අද ඉඳන් කාලා හමාරයි!

තලවතුගොඩ කිඹුලාවල ප්‍රදේශයේ මෙතෙක් පවත්වාගෙන ගිය වීදි අවන්හල් (Street Foods) අද (08) ඉවත් කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී තිබේ.

ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇතත් තම වෙළඳසැල් ඉවත් කිරීමට හේතුව නිශ්චිතව දක්වා නොමැති බව වෙළෙඳසැල් හිමියෝ පවසති.

මීට පෙර ද මෙම අලෙවි සැල් ඉවත් කරගැනීමට දැනුම් දී තිබුණි.

මධුර විතානගේ අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් මෙම වෙළඳසැල් විධිමත් ලෙස පවත්වාගෙන යන ලෙස උපදෙස් ලබාදී තිබුණි.

එසේ තිබියදීත් තෙවැනි වතාවට මෙලෙස අලෙවිසැල් ඉවත් කරගන්නා ලෙස දැනුම් දී ඇති බව වෙළෙඳසැල් හිමියෝ කියාසිටිති.

කොවිඩ් වසංගතයත් සමඟ මෙරට මුහුණ දුන් බරපතළ ආර්ථික කඩාවැටීම හමුවේ රැකියා අහිමි වූ විශාල පිරිසක් මෙම කිඹුලාවල ප්‍රදේශයේ සවස් කාලයේදී ආරම්භ කොට රාත්‍රියේ පවත්වාගෙන යන වීදි අවන්හල් පිහිටුවාගෙන ඇත.

මෙමගින් මෙම වීදි අවන්හල් ආශ්‍රිතව දෙස් විදෙස් සංචාරකයන් බහලුව ගැවසෙන සංචාරක කලාපයක් ලෙසින් ද ක්‍රමයෙන් නිර්මාණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here