Home special පුටින් හිටිහැටියේම එක්සත් අරාබි එමීරයට

පුටින් හිටිහැටියේම එක්සත් අරාබි එමීරයට

0
පුටින් හිටිහැටියේම එක්සත් අරාබි එමීරයට

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දුර්ලභ විදෙස් සංචාරයක නිතර වෙමින් එක්සත් ආරබි එමීර් රාජ්‍ය වෙත පැමිණ තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා සමඟ ගාසා තීරයේ සහ යුක්රේනයේ යුද්ධය මෙන්ම තෙල් නිෂ්පාදනය පිළිබඳව ද ජනාධිපති පුටින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ වන පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශගුණ සමුළුවට පැවැවෙන අතර ඊට රුසියානු ජනාධිපතිවරයා එක්වනේද යන්න පිළිබඳ ක්‍රෙම්ලිනය මේවන තෙක් සනාථ කර නොමැති වීම විශේෂත්වයකි.

මාර්තු මාසයේදී ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමෙන් ඔහු රුසියාවෙන් බැහැර යාම ඉතාම විරල විය.
කෙසේවෙතත එක්සත් ආරාබි එමීර් රාජ්‍ය ජාත්‍යන්තර අධිකරණයේ අධිකරණ බලය හඳුනා පිළි නොගැනීමද විශේෂත්වයකි.
එමෙන්ම රුසියානු නායකයා අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාවේ බ්‍රික්ස් සහ සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවේ පැවති ජී 20 සමුළුව ඇතුළු අනෙකුත් මෑත කාලීන ජාත්‍යන්තර සමුළු ප්‍රතික්ෂේප කළේය.

මෙම සංචාරයෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා සෞදි ආරාබියේ සංචාරයක නිතර වීමටද නියමිත බව වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here