Home උණුසුම් පුවත් ආරක්ෂකයාට දස වධදුන් කැලණි සරසවි සිසුන් 4කට පන්ති තහනමක්

ආරක්ෂකයාට දස වධදුන් කැලණි සරසවි සිසුන් 4කට පන්ති තහනමක්

ආරක්ෂකයාට දස වධදුන් කැලණි සරසවි සිසුන් 4කට පන්ති තහනමක්

විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් සිව්දෙනෙකුගේ පන්ති තහනම් කළ බව කැලණිය විශ්වවිද්‍යාලය දැනුම් දෙයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියෙකු විවේකාගාරයේ නිදා සිටියදී පැහැරගෙන ගොස් රඳවාගෙන පහරදී ඔහුව ශිෂ්‍ය මධ්‍යස්ථානයට ප්‍රවේශවන ගේට්ටුවේ ගැටගසා තිබීමේ සිිද්ධියක් මෙම පියවරට හේතුවී ඇත.

එම සිදුවීමට අදාළව විනයානුකූලව පියවර ගෙන අනධ්‍යයන කාර්යමණ්ඩලය සහ ශිෂ්‍යයන් අතර නැවත සාමය ඇතිකිරීම සඳහා වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කැලණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබුණි.

සබැඳි පුවත්
කැලණි සරසවිය වැසේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here