fbpx
තවත්
    මුල් පිටුවspecialබ්‍රිතාන්‍යයේ පදිංචියට යන සිහින බොඳවන ලකුණු

    බ්‍රිතාන්‍යයේ පදිංචියට යන සිහින බොඳවන ලකුණු

    spot_img

    බ්‍රිතාන්‍ය රජය විසින් එක්සත් රාජධානියට පැමිණෙන සංක්‍රමනිකයින් සංඛ්‍යාව අඩු කිරීම සඳහා නව පැකේජයක් හඳුන්වා දීමට තීරණය කර ඇත.

    ඒ අනුව ඉදිරියේදී බ්‍රිතාන්‍ය වෙත විදේශ ශ්‍රමිකයින්ට රැකියා වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලැබීමට අවශ්‍ය කරනු ලබන අවම වැටුප ඉහළ නැංවීමේ සැලසුමක්ද මෙම පැකේජයට ඇතුලත්ය.

    ඉකුත් වසර තුලදී බ්‍රිතාන්‍යට පැමිණි සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමත් සමඟ එරටට රැකියාවක් සඳහා සංක්‍රමණය වන පුද්ගලයින් උපයාගත යුතු අවම වැටුම තුනෙන් එකකින් ඉහළ නැංවිමට මෙහිදී තීරණය කර ඇත.

    ඒ අනුව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජේම්ස් ක්ලෙවර්ලි කියා සිටියේ බ්‍රිතාන්‍ය රජය විදේශ පුහුණු ශ්‍රමිකයින් සඳහා වන අවම වැටුප් සීමාව මෙතෙක් පැවති පවුම් විසි හයදහස් දෙසීයේ සිට පවුම් තිස් අට දහස් හත්සිය දක්වා, දක්වා ඉහළ නංවන බවත්ය.

    කෙසේ වෙතත් මේ වන විට බ්‍රිතාන්‍ය රාජ්‍ය සහ පුද්ගලික සෞඛ සේවා සඳහා පවතින සේවක හිඟයට මෙම තීරණය අයහපත් ලෙස බලපානු ඇති බවද එරට වෘත්තී සමිති සඳහන් කර ඇත.

    බ්‍රිතාන්‍ය දේශපාලන වේදිකාව තුල සංක්‍රමණිකයින් ප්‍රබල මාතෘකාවක් වී ඇති අතර සංක්‍රමණික පවුලක දරුවකු වන එරට වර්ථමාන අග්‍රමාත්‍යව සුනක් විසින් ගන්නා මෙම තීරණය හුදෙක් සිය දේශපාලන අනාගතය ස්ථාවර කරගැනීමට ගන්නා ලද්දක් බවද විචාරකයින් පවසයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img