Home උණුසුම් පුවත් ඉන්දියාවේ ඉඳන් බෝට්ටුවලින් ලිංගික උත්තේජක ගේන ජාවාරමක්

ඉන්දියාවේ ඉඳන් බෝට්ටුවලින් ලිංගික උත්තේජක ගේන ජාවාරමක්

0
ඉන්දියාවේ ඉඳන් බෝට්ටුවලින් ලිංගික උත්තේජක ගේන ජාවාරමක්

ඉන්දියාවේ සිට නීති විරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටු මගින් මෙරටට ලිංගික උත්තේජක පෙති හා ජෙල් වර්ග රැගෙන එන ජාවාරමක් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් හෙළිකරගෙන තිබේ.

එම ජාවාරමට සම්බන්ධ කොළඹ කෙසෙල්වත්තේ ව්‍යාපාරිකයෙකුව අද අත්අඩංගුවටගත් කොළඹ අපරාධ කොට්ඨාශයේ බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ ඇතුළු නිලධාරීන් ලිංගික උත්තේජක පෙති හා ජෙල් තොගයක්ද ව්‍යාපාරිකයාගේ නිවසේ තිබී සොයාගෙන ඇත.

ලිංගික උත්තේජක පෙති 31,750ක්, ලිංගික උත්තේජක ජෙල් පැකට් 259ක් ඒ අතර තිබෙන බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here