තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෝට් සිටි කෙටුුම්පතේ දෙවන වර ඡන්දයේදී ඡන්ද 2ක් අඩුවෙන් දාලා - පොහොට්ටුව...

    පෝට් සිටි කෙටුුම්පතේ දෙවන වර ඡන්දයේදී ඡන්ද 2ක් අඩුවෙන් දාලා – පොහොට්ටුව විමර්ශනයක් ඉල්ලයි

    කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන්‌ සභාව පනත්‌ කෙටුම්පත ඊයේ (20) දින පාර්ලිමේන්තුවේ දී දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව මන්ත්‍රීවරුන්‌ තුනෙන්‌ දෙකක බහුතරයක් (ඡන්ද 150ක්) ඡන්දය දී තිබුණ ද එය ඡන්ද දෙකක් අඩුවෙන් වැරදි ආකාරයෙන්‌ දක්වා තිබීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශණයක්‌ කරන මෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කථානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට පියවර ගෙන තිබේ.

    මෙම පනත වෙනුවෙන්‌ ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ දෙදෙනෙකු වන ඒ.එම්‌.යූ. අලි සබ්රි සහ ජයරත්න හේරත්‌ මහත්වරුන්ගේ ඡන්දය අවසාන ප්‍රනිඵලය සඳහා ගණන්‌ කිරීම සිදුකොට නොමැති බව ප්‍රතිඵලය විමර්ශණය කිරීමේදී පැහැදිලිවී ඇත.

    මෙවැන්නක්‌ සිදුවි ඇත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන්‌ සහ මෙය කිසියම්‌ සැලසුම්‌ සහගත ක්‍රියාවක්ද යන කරුණ සම්බන්ධයෙන්‌ සොයාබලන ලෙස එම පක්ෂය ඉල්ලා සිටී.

    එම පනත්‌ කෙටුම්පත අනුමත කොට ඇති නමුත්‌ මෙවැනි ශ්‍රී ලංකා ආර්ථිකයට සුවිශේෂී වූ පනතක්‌ පාර්ලිමේන්තුවේ දී තුනෙන්‌ දෙකක විශේෂ බහුතරයෙන්‌ සම්මත වූ අවස්ථාවක එය නිසි ආකාරයෙන්‌ නොදැක්වීම සම්බන්ධයෙන්‌ ඉතා ගැටලුකාරී තත්වයක්‌ පැනනැගී ඇති බව එම පක්ෂය පවසයි.

    මේ අනුව මේ සම්බන්ධයෙන්‌ පූර්ණ විමර්ශණයක්‌ කරන මෙන්ද, මෙවැන්නක්‌ සිදුවි ඇත්තේ කෙසස්ද යන්න සම්බන්ධයෙන්‌ සහ මෙය කිසියම්‌ සැලසුම්‌ සහගත ක්‍රියාවක්ද යන කරුණ සම්බන්ධයෙන්‌ පාර්ලිමේන්තුව මෙන්ම සමස්ථ ශ්‍රී ලංකාවාසී ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන්‌ කථානායකවරයාගෙන් ඉල්ලා සිටිමට එම පක්ෂය පියවර ගන්නා බව එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img