Home උණුසුම් පුවත් ණය දුන් රටවල් කණ්ඩායමකින් ශ්‍රී ලංකාවට සහනයක්

ණය දුන් රටවල් කණ්ඩායමකින් ශ්‍රී ලංකාවට සහනයක්

ණය දුන් රටවල් කණ්ඩායමකින් ශ්‍රී ලංකාවට සහනයක්

මෙරටට ණය සහන ලබාදීමට සහ ණය ආපසු ගෙවීමේ කාලසීමාවන් දීර්ඝ කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවට ණය දුන් රටවල් සමූහයක් එකඟතාවකට පැමිණීමට බොහෝදුරට ඉඩකඩ පවතින බවට ජපානයේ පුවත් සේවයක් වාර්තා කර තිබේ.

ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව සමඟ මෙම කණ්ඩායමේ සම සභාපතිත්වය දරයි.

චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන නමුත් විධිමත් සාමාජිකයෙකු ලෙස මෙම කණ්ඩායමට සම්බන්ධ වීමෙන් වැළකී සිටී.

කෙසේවෙතත් එම එකඟතාවෙන් පසුව ලැබෙන ණය සහතිකය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ‍මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබාගැනීමට සහයක් වනු ඇත.

මෙම නවතම තත්ත්වයත් සමගම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලෙස අපේක්ෂිත අමෙරිකානු ඩොලර් මිලියන 330ක අරමුදල නිදහස් කර ගැනීමට හැකිවෙතැයි අනුමාන කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here