විදේශීය සංචාරකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අද (නොවැ.29) අලුයම වස්කඩුව ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක ගැටී තිබේ.
අනතුරින් විදේශිකයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය වෙනත් හෝටලයකින් සංචාරකයින් පිරිසක් නංවාගෙන හෝටලයකින් තවත් සංචාරකයින් රැගෙන ඒම සඳහා යමින් සිට ඇත.
චෙක් ජනරජය බලා යාමට සිටි මෙම සංචාරකයින් රාත්‍රී 9 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් (BIA) ගුවන් යානයකට ගොඩ වීමට නියමිතව තිබුණි.
අලූත්ගම සිට හලාවත බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටුණු බස් රථයේ රියදුරුගේ ඇසකට තුවාල වීම නිසා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.
තුවාල ලැබූ සංචාරකයින්ට සුවසැරිය ගිලන් රථයකින් ප්‍රථමාධාර ලබා දී ඇත.
අනතුරට ලක්වූ දුම්රියේ සිටි මගීන් ගමනාන්තයට ළඟාවීම සඳහා මරදාන බලා ධාවනය වූ වෙනත් දුම්රියකට නංවා තිබේ.