තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"වරද කාගෙවුණත් අපේ වැඩේ කළා.. ලබන මාසේ ඉඳන් රට බංකොළොත් නෑ"

    “වරද කාගෙවුණත් අපේ වැඩේ කළා.. ලබන මාසේ ඉඳන් රට බංකොළොත් නෑ”

    වරද කාගේ වුවද තම වගකීම ඉටුකළ බවත් ලබන මාසයේදී රට බංකොළොත් භාවයෙන්ද නිදහස් වීමට නියමිත බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    “මම ආණ්ඩුව බාරගන්නා විට රට කඩා වැටිලා තිබුණේ. අද තිබෙන තත්ත්වයට අපට රට ගෙන ඒමට හැකි වෙයි කියා කිසිවෙකුත් සිතුවේ නැහැ. ලබන මාසය වන විට අප රට බංකොළොත්භාවයෙන් නිදහස් වීමට නියමිතයි. අදාළ රටවලින් ඊට අවශ්‍ය ප්‍රතිචාරය මේ වන විට දක්වා තිබෙනවා. එය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අපට තව විශාල වැඩකොටසක් පැවරී තිබෙනවා.

    වරද කාගේ වුණත් අප දැන් අපේ වගකීම ඉටුකර තිබෙනවා. මෙම ආර්ථික අර්බුදය හමුවේ අපට සංවර්ධන කටයුතු නැවැත්වීමට සිදුවුණා. දැන් බංකොළොත්භාවය අවසන් වන නිසා අපට එම නවතා තිබු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙනවා.” යැයි ජනාධිපතිවරයා කීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ 2024 අයවැය යෝජනාවක් වන “උරුමය” වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර අනුරාධපුර නොච්චියාගම දී අද (26) ආරම්භ කරමිනි.

    ෂැංග්‍රිලා හෝටලය සතු ඉඩම සින්නක්කරව පැවරීමට හැකියාව තිබුණේ නම් පරම්පරා ගණනක් අපේ රටේ ගොවිතැන් කළ ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීමේ වරද කුමක්දැයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

    ෂැංග්‍රිලා සතු ඉඩමෙන් ශ්‍රී ලංකාවට ද විදේශ විනිමය ලැබෙනවා සේම නවීන කෘෂි කර්මාන්තය තුළින් අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

    රටේ ගොවිතැන් කරන ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීම ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ උරුමය ලබාදීමක් මෙන්ම රජයේ ස්තුතිය පුදකිරීමක් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    “උරුමය” සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා 2024 අයවැයෙන් රුපියල් බිලියන දෙකක මුදලක් වෙන් කර තිබේ.

    මෙතෙක් කල් පැවති ජයභූමි ,සෞම්‍ය භූමි,ස්වර්ණභූමි ඇතුළු සියලු ඔප්පු වෙනුවට සින්නක්කර ඔප්පු ජනතාවට ලබා දීම 2024-අයවැයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබේ.

    ඒ අනුව මෙම ඔප්පු ලබා ලබාදීමේ වැඩපිළිවෙල 2024 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img