තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ක්‍රීඩා සංගම් හරියට නියාමනය කළොත් කුසලාන, පදක්කම් ලංකාවට ගේන්න පුළුවන්"

    “ක්‍රීඩා සංගම් හරියට නියාමනය කළොත් කුසලාන, පදක්කම් ලංකාවට ගේන්න පුළුවන්”

    නියමිත පරිදි ක්‍රීඩා සංගම් නියාමනය කරන්නේ නම් කුසලාන පදක්කම් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි යැයි ක්‍රීඩා හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

    ක්‍රීඩාවට වෙන් කරන මුදල් ක්‍රීඩාවේ උන්නතිය උදෙසාම යොදවන්නේ නම් ගම්වල සිටින දක්ෂ දරුවන් ඉදිරියට යොමු කිරීමේ හැකියාව පවතින බව ද ඒ මහතා තවදුරටත් පැවසීය.

    මහනුවරට පැමිණි ක්‍රීඩා අමාත්‍යවරයා සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් ඊයේ (25) බැහැදැක මේ බව සඳහන් කළේය.

    මෙම වර්ෂය තුළදී දක්ෂ කණ්ඩායම් හදුනාගැනීමක් කළ බව ද අමාත්‍යවරයා කීවේය.

    ඒ යටතේ විවිධ ක්‍රීඩා ඉසව් තුළින් පදක්කම්, කුලසාන 170ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාගැනීමට හැකිවූ බව ද ඒ මහතා කීවේය.

    ගම්මානවල ක්‍රීඩාවට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කොට ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ක්‍රීඩා භාණ්ඩ ලබාදිය යුතු යැයි ද ඒ මහතා සඳහන් කළේය.

    මොරගහකන්ද ජලාශයේ සිට අනුරාධපුරය දක්වා ජලය ප්‍රවාහනය කරන උමඟේ ඉදිකිරිම් ඉකුත්දා ආරම්භ කළ බවත් පසුගිය සමයේදී පැවැති ආර්ථීක අර්බුද හේතුවෙන් එය තාවකාලිකව නවතා දැමූ බවත් ඔහු කීවේය.

    නමුත් ආර්ථීකයට වැදහත් සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීමත් සමඟ එම ඉදිකිරීම් ආරම්භ කළ බව ද ක්‍රීඩා අමාත්‍ය රොෂන් රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img