Home උණුසුම් පුවත් ඉල් පුර පොහොය අදයි

ඉල් පුර පොහොය අදයි

ඉල් පුර පොහොය අදයි

වස්සාන ඍතුවේ අවසාන පොහොය වන ඉල් පුර පසළොස්වක පොහොය අදයි.

එය සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රෙෂ්ඨ දිනයකි.

මෛත්‍රෙය බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කරනු වස් උරුවෙල් දනව් බලා වැඩම කිරීම, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, චීවර මාසයේ අන්තිම පොහොය එනම්, කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය වීම, අගසව් සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය සිදු වීම යනාදී කරුණු රැසක් ම සිදුවුණු දිනයක් වශයෙන් ඉල්මස පුරපසළොස්වක් පොහොය දිනය සලකනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here