රජයේ සේවකයන් සඳහා වැඩිකළ වැටුපෙන් කොටසක් ලබන ජනවාරි මාසයේ සිටම ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇත.
ඒ අනුව රුපියල් 5000ක මුදලක් ජනවාරි මාසයේ සිට රජයේ සේවකයන්ට ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගිය 23වැනිදා සාකච්ඡාවක් පවත්වා ඇත.
ජීවන වියදම් දීමනාව ලෙස වැඩිකළ රුපියල් 10000ක මුදල අප්‍රේල් මාසයේ සිට ලබා දීමටත්, එතෙක් හිඟ වැඩි කළ දීමනාව කොටස් වශයෙන් ලබා දීමටත් මීට පෙර යෝජනා වී තිබිණි.
කෙසේ වෙතත් ජනපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකය කළ දැනුම් දීම අනුව අපේක්ෂිත මූල්‍ය තත්ත්වය සපුරා තිබෙන බැවින් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. මේ අනුව විශ්‍රාමිකයන් සඳහා වැඩිවන රු.2500ක දීමනාව ද ලබන ජනවාරි සිට ලබා දීමට යෝජනා වී තිබේ.
අදාළ එකඟතාවයන් ළඟදීම නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.