Home උණුසුම් පුවත් “අපි හරි පාරේ” -IMF දෙවැනි වාරිකය ළඟදීම..

“අපි හරි පාරේ” -IMF දෙවැනි වාරිකය ළඟදීම..

“අපි හරි පාරේ” -IMF දෙවැනි වාරිකය ළඟදීම..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබන මාසයේදී අනුමත කරගැනීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විශ්වාසය පළකරයි.

“දෙසැම්බර් මාසය ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුමත කරගැනීමට අපට හැකි වේවි. අපි හොඳ ප්‍රගතියක් ලබමින් ඉන්නේ, අවශ්‍ය වන්නේ නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ සහතිකයි. එනම් OCC (ණය හිමියන්ගේ කමිටුව) සහ චීන එක්සිම් බැංකුවේ සහතිකයයි” අද දින මහ බැංකුවේ පැවති දැනුවත් කිරීමේ හමුවකදී ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් පසු ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් අයවැය ආධාරක වැඩසටහන් හරහා අරමුදල් ලැබෙනු ඇති බවටද ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

“අපි නිවැරදි දිශාවට ගමන් කරමින් සිටින අතර නුදුරේදීම සාධනීය ප්‍රතිඵලයක් දැකගත හැකිවේවි.” ඔහු විශ්වාසය පළකළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here