හාලි ඇල උඩුවර ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් ඊට යටවී තරුණියන් දෙදෙනෙක් මියගොස් ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ අද සවස් කාලයේදීය.
මියගිය තරුණියන් දෙදෙනා වැසි තත්ත්වය මත කාමරයේ ඇදක් මත හාන්සි වී සිට ඇති බවත් පස් කන්ද කඩා වැටී ඇත්තේ ඔවුන් රැදී සිටි කාමරයට බවත් පොලීසිය කියයි.
මුළු කාමරයම පස් වලින් යටවී තිබී ඇත. ප්‍රදේශවාසීන් එක්ව පස් ඉවත්කර තරුණියන් දෙදෙනා බදුල්ල රෝහලට රැගෙන ගොස් තිබේ. ඔවුන් දෙදෙනා මියගොස් ඇත්තේ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත්කර ප්‍රතිකාර ලබමින් සිටියදීය.