අධිවේගී මාර්ගවල සේවකයින් අද (22) දිනයේ සිය රාජකාරී කටයුතුවලින් ඉවත්වී වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම හේතුවෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ප්‍රවේශපත් නිකුත් කිරීම සඳහා යොදවා තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව අධිවේගී මාර්ගවල සේවය කරන 11,000ක පමණ සේවකයින් පිරිසක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය සඳහා එක්ව සිටී.
අද අධිවේගී මාර්ග භාවිත කරන පුද්ගලයන්ට වෙනදා ලැබෙන ආකාරයේ ප්‍රවේශපත්‍රයක් නිකුත් නොරෙකරෙනු ඇති අතර ඡායාරූපයේ දැක්වෙන පරිදි ප්‍රවේශපත්‍රයක් හිමිවනු ඇත.
කෙසේවෙතත් අධිවේගී මාර්ගයේ පිවිසුම්වලින් ඇතුළු වන හා පිටවන සියලුම වාහනවල සවිස්තර වාර්තාවක් ද සකස් කෙරෙනු ඇත.
” මේක ක්‍රියාත්මක වෙන්නේ අපේ ප්‍රධාන ඉල්ලීම් තුනක් මුල්කරගෙන. ප්‍රධාන ඉල්ලීම අපේ අධිවේගී මාර්ග ජාලය දැනට මාර්ග සංවර්ධන අධිකාරිය භාරයේ පවතින්නේ. 2023.06.23 වන දින කැබිනට් පත්‍රිකාවක් මගින් සමාගමක් මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවලා මේ අධිවේගී මාර්ග ජාලය ඒ සමාගම යටතට පවරා ගන්න යෝජනාවක් කරලා තිබුණා. ඒ වගේම ඒ යෝජනාවේ සඳහන් වෙනවා අධිවේගී මාර්ග රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ව්‍යාපාරයක් විදියට කරගෙන යන්න අවස්ථාව පිළිබඳ. ඒ සඳහා ආයෝජකයින් සඳහා සොයාබැලීමට අවසර දෙනවා කියලා. මේකත් එක්ක අපිට බියක් තියෙනවා අපේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව.” යැයි අධිවේගී මාර්ග සේවක සංගමයේ සභාපති යොහාන් හසිත මුණසිංහ මහතා සඳහන් කළේය.


