Home උණුසුම් පුවත් මෛත්‍රිගේ සුබපැතුම් රැගෙන උදිත් ලොකුබණ්ඩාර මාලදිවයිනට

මෛත්‍රිගේ සුබපැතුම් රැගෙන උදිත් ලොකුබණ්ඩාර මාලදිවයිනට

මෛත්‍රිගේ සුබපැතුම් රැගෙන උදිත් ලොකුබණ්ඩාර මාලදිවයිනට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හපුතලේ ආසන සංවිධායක උදිත් ලොකුබණ්ඩාර මහතා මාලදිවයිනේ නව ජනාධිපතිවරයා පත්වීමත් සමග ඇතිවූ නව දේශපාලන පෙරලියට සුබපැතුම් එක්කිරීමට සහ විශේෂ ද්වීපාර්ශික සාකච්ඡාවක් සදහා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුබපැතුම් එක්කල ඒ මහතා , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති 06 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුභාශිංෂණ එරට නව ජනාධිපතිවරයාට පිරිනැමීය.

ඒ අතරම හිටපු ජනාධිපතිවරයාගේ ‘පොලොන්නරුව’ කෘතියද පිළිගන්වා ඇත.

එමෙන්ම උදිත් ලොකුබණ්ඩාර මහතා එහිදී මාලදිවයිනේ නව ජනාධිපති කාර්‍යාලය අමාත්‍ය ආඩම්‍ රමීස් මහතා , එරට පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ නායක අබ්දුල් ජබීර් මහතා, මාලදිවයින හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් අබ්දුල් රහීම් මහතා, මාලදිවයිනේ පොලිස් ප්‍රධානීබ් නවීන් ස්මයිල් මහතා,
යන මහත්වරුන් හමුවී විශේෂ සාකච්ඡා පවත්වන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here