Home උණුසුම් පුවත් පොඩිඋන් 5ක් එක්වී යතුරුපැදියක් උස්සා මස්කරලා

පොඩිඋන් 5ක් එක්වී යතුරුපැදියක් උස්සා මස්කරලා

0
පොඩිඋන් 5ක් එක්වී යතුරුපැදියක් උස්සා මස්කරලා

කැකනදුර දුම්රිය ස්ථානය ඉදිරිපිට පිහිටි රථ ගාලේ නවතා තිබුණු යතුරුපැදියක් සොරාගෙන පැය 02ක් තුළ එය කොටස්වලට ගලවා අලෙවි කිරීමට සූදානම් වූ බාලවයස්කරුවන් පස් දෙනෙක් ගන්දර පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 14,16,17 හා 18 යන වයස්වල පසුවන කැකනදුර හා නාවිමන ප්‍රදේශවල පදිංචිකරුවන් පස් දෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

දෙවිනුවර, කුඹල්ගම පදිංචි දුම්රිය තාක්ෂණ ශිල්පියෙකුට අයත් රුපියල් 450,000ක් වටිනා යතුරු පැදියක් මෙම බාලවයස්කරුවන් විසින් සොරාගෙන ඇත්තේ ඊයේ උදෑසන කාලයේදීය.

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයේදී හෙළිවූ තොරතුරු මත බාලවයස්කරුවන් පස් දෙනා අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී යතුරු පැදිය වෙනුවට පොලීසියට සොයා ගැනීමට හැකිවී ඇත්තේ කොටස්කර විකිණීමට සූදානම්කර තිබුණු යකඩ ගොඩක් බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here