Home උණුසුම් පුවත් මැතිසබේ දේවල් වීඩියෝ කරන, සෝෂල් මීඩියා දාන මන්ත්‍රීලාට එරෙහිව පියවර

මැතිසබේ දේවල් වීඩියෝ කරන, සෝෂල් මීඩියා දාන මන්ත්‍රීලාට එරෙහිව පියවර

මැතිසබේ දේවල් වීඩියෝ කරන, සෝෂල් මීඩියා දාන මන්ත්‍රීලාට එරෙහිව පියවර

පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ කටයුතු ජංගම උපකරණ හෝ විද්‍යුත් උපකරණ භාවිතා කරමින් වීඩියෝගත කිරීම හා සමාජ මාධ්‍යවල පළකිරීම නොකළ යුතු බවත් මින්පසුව එවැනි දේ කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනයානුකූල පියවර ගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

ඔහු මේ නිවේදනය කරනු ලැබුවේ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් විනාඩි 5කට සභාව කල්තැබූ නමුත් මිනිත්තු 40කට පමණ පසුව සභාව යළි ඇරඹීමෙන් පසුව ය.

විපක්ෂනායකවරයා ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවිට මැතිසබේ මතුවූ උණුසුම් තත්ත්වය හමුවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා වෙත කථානායකවරයා කිහිපවරක් පැවසුවේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කිරීම නතර කරන ලෙසයි.

පාර්ලිමේන්තුවේ සභාවේ කටයුතු පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සජීවීව විකාශය කරනු ලබයි.

මේ අතර එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ද මෙහි වීඩියෝවක් X සමාජ ජාලයේ පළකර තිබුණේ මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here