Home දේශීය පුවත් උණුසුම් පුවත් සහරාන්ගේ මගයමින් අන්තවාදී දේශන පැවැත්වූ අමාත්‍යාංශ සම්බන්ධීකරණ නිලධාරියා අත්අඩංගු වට

සහරාන්ගේ මගයමින් අන්තවාදී දේශන පැවැත්වූ අමාත්‍යාංශ සම්බන්ධීකරණ නිලධාරියා අත්අඩංගු වට

සහරාන්ගේ මගයමින් අන්තවාදී දේශන පැවැත්වූ  අමාත්‍යාංශ සම්බන්ධීකරණ නිලධාරියා අත්අඩංගු වට

පාස්කු ප්‍රහාරයට පෙර මුර්තූර් සහ ඔලුවිල් යන ප්‍රදේශවලදී තරුණයන්ට සහ විශ්ව විද්‍යාල සිසුන්ට අන්තවාදී දේශන පැවැත් වූ තවත් පුද්ගලයෙකු ත්‍රස්ත විමර්ශන

කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාම් හෂිම්ගේ මෙහෙයවීම යටතේ 2018 වසරේ මෙම සැකකරු විසින් අන්තවාදි දේශන පන්ති පවත්වා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතෟඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මෙම සැකකරු මාවනැල්ල, හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මොහොමඩ් සහිම් නමැති පුද්ගලයෙකු බව ද අජිත් රෝහන මහතා කීය. මෙම පුද්ගලයා මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයේ හිටපු සම්බන්ධීකරණ නිලධාරියෙක් බව විමර්ශන වලින් හෙළිවී තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අන්තවාදි පන්ති සංවිධාන කළ පුද්ගලයින් 07 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here