තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිලියනයක හොර සිගරට් කෝටියක් අල්ලයි

    බිලියනයක හොර සිගරට් කෝටියක් අල්ලයි

    තීරු බදු රහිතව හොර රහසේ මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි සියයකට අධික වටිනාකමක් ඇති විදෙස් දුම්වැටි කෝටියකට අධික ප්‍රමාණයක් සහිත අඩි 40ක කන්ටේනර් රථයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අද සවස අත්අඩංගුවට ගත්තේය.

    ඒ මෙම රථයේ රියැදුරු ලෙස කටයුතු කළ 63 හැවිරිදි මාකොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සමගය.

    මෙම කන්ටේනර් රථයේ එක්කෝටි හැට දහසක පමණ දුම්වැටි ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    මෙම රථයේ හෙරොයින් තොගයක් සඟවාගෙන යන බවට ලද තොරතුරකට අනුව කැලණිතිස්ස විදුලි බලාගාරය ආසන්නයේදී අදාළ කන්ටේනර් රථය පොලිස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම දුම්වැටි තොගය හමුවී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img