Home special දින 5යි -කඩාවැටුණු උමඟ‍ේ සිරවූ 40දෙනා තවමත් ඇතුළේ

දින 5යි -කඩාවැටුණු උමඟ‍ේ සිරවූ 40දෙනා තවමත් ඇතුළේ

0
දින 5යි -කඩාවැටුණු උමඟ‍ේ සිරවූ 40දෙනා තවමත් ඇතුළේ

පස්වන දිනයටත් ක්‍රියාත්මක ඉන්දියාවේ උත්තරකන්ද හී කඩා වැටුණු උමගේ සිරවී සිටින සේවකයින් හතලිස් දෙනා මුදාගැනීමේ මෙහෙයුම් අනපෙක්ෂිත ලෙස ප්‍රමාද වී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස මුදාගැනීම් මෙහෙයුම් ප්‍රමාදවීමට මූලික හේතුව වී ඇත්තේ සිරවී සිටින පිරිස වෙත ළඟාවීමට තිරස් අතර කැනීම් කිරීමට යොදාගත් යන්ත්‍රයේ ඇති වූ දෝෂයක් හේතුවෙනි.

ඒ අනුව නව කැනීම් යන්ත්‍රයක් වහාම ඉන්දීය ගුවන් හමුදාවේ C-130J හරිකියුලිස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මාර්ගයෙන් ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇත.

මුදාගැනීම් මෙහෙයුම්වල නිතර කණ්ඩායම් නොර්වේ සහ තායිලන්තයේ ආපදා කළමානාකරණ සහ මුදාගැනීම් කණ්ඩායම් සමඟ සමීපව කටයුතු කිරීමටද පියවර ගෙන ඇත.

එහිදී තායිලන්තයේ සිරවී සිටි ළමුන් මුදාගැනීම කළ පිරිස් සමඟද සම්බන්ධ වී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර මුදාගැනීම් මෙහොයුම් ප්‍රමාදවෙමින් පවතින බවත් එමගින් සිරවී සිටින සේවකයින්ගේ ජීවිතවලට දැඩි අවධානමක් එල්ල වන බවටද පවසමින් ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් සහ කැනීම් කටයුතුවල නිතරවූ තවත් සේවක පිරිසක් විරෝධතාවයකද නිරත වන බවද ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here