තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසලක වූ මාරක අනතුර ගැන අධ්‍යාපන බලධාරීන්ගෙන් වාර්තාවක් කැඳවයි

    පාසලක වූ මාරක අනතුර ගැන අධ්‍යාපන බලධාරීන්ගෙන් වාර්තාවක් කැඳවයි

    සිසුවියක මියගොස් තවත් 5දෙනෙකු තුවාල ලැබූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පාසලක කරාම සවිකර තිබූ කොන්ක්‍රීට් බැම්මක් කඩාවැටීමෙන් සිදුවූ අනතුර පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් කර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

    ඊයේ (15) දහවල් එම බැම්මට සවිකර තිබූ කරාමවලින් දෑත් සෝදමින් සිටි පළමු ශ්‍රේණියේ සිසු සිසුවියන් 06 දෙනෙකු එම බැම්මට යට වී මෙලෙස අනතුරට ලක් විය.

    තුවාල ලැබූ සිසුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

    මෙම සිදුවීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් පිරිසක විසින් පාසලේ විදුහල්පතිවරයාට ද පහරදී තිබුණි.

    පාසලේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් එම පාසලේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දමා ඇත.

    යළි එහි අධ්‍යයන කටයුතු ලබන සඳුදා ඇරඹීමට නියමිතයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img