Home උණුසුම් පුවත් සැමියා එක්ක තරහා වී ආවා කියූ කත මිතුරිය‍ගේ නිවස කොල්ලකාලා

සැමියා එක්ක තරහා වී ආවා කියූ කත මිතුරිය‍ගේ නිවස කොල්ලකාලා

0
සැමියා එක්ක තරහා වී ආවා කියූ කත මිතුරිය‍ගේ නිවස කොල්ලකාලා

සිය සැමියා සමඟ ආරවුලත් ඇතිකරගෙන පැමිණි බව කියමින් හිතවතියගේ නිවසක නවාතැන් ගත් කාන්තාවක් සැමියා සමඟ එක්ව එම නිවසේ රන් භාණ්ඩ ඇතුළු දේපොල සොරාගැනීමක් ගැන අපූරු පුවතත් වාර්තා වන්නේ මිනුවන්ගොඩ පොලිසීයෙනි.

මෙම නිවස පිහිටා ඇත්තේ මිනුවන්ගොඩ මිරිස්වත්තේය. පොලීසිය පවසනුයේ පසුගිව 12 වෙනිදා උදෑසන එම නිවසේ හිමිකාරිනිය පැමිණ සිය නිවසේ සිදුවූ රුපියල් ලක්ෂ 08ක සොරකමක් ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවය.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී පෙනී ගොස් ඇත්තේ මෙම පැමිණිලිකාරියකගේ හිතවතියක් ඇගේ සැමියා සමඟ එක්ව එම සොරකම සිදුකර ඇති බවය.

එම හිතවතිය මෙම නිවසට පසුගිය දිනක පැමිණ ඇත්තේ සැමියා සමඟ ආරවුලක් ඇතිකරගත් බවත් සැමියා තමාව නිවසින් එළවා දැමූ බවත් කියමිනි. හිතවතිය කෙරෙහි ඇතිවුණු අනුකම්පාව මත ටික දිනක් ඇයව සිය නිවසේ නතරකර තබා ගැනීමට නිවෙස් හිමි කාන්තාව තීරණය කළාය. කන්න බොන්න පවා ඇයට ලබාදෙමින් සලකා ඇත්තේ තම පවුලේ සාමාජිකයෙක් ලෙස සලකාය.

ඇය මේ කර ඇත්තේ රංගනයක් බව අනාවරණය වී ඇත්තේ නිවසේ සිදුවූ සොරකම සම්බන්ධයෙන් පොලීසිය කළ විමර්ශනයේදීය. මෙම කාන්තාව විසින් කර ඇත්තේ සිය හිතවතිය නිවසේ නොසිටි අවස්ථාවේදී සැමියාව ගෙන්වාගෙන නිවසේ තිබුණු රන් භාණ්ඩ සොරාගැනීමය.

මේ සියල්ල විමර්ශනවලින් හෙළිකරගත් පොලීසිය අඹුසැමි යුවල අත්අඩංගුවට ගත්තේය. බිරිඳ අවුරුදු 26ක් වයසැති තැනැත්තියකි. සැමියා අවුරුදු 33කි. මේ දෙදෙනාම පදිංචිව සිටින්නේ මාතලේ බව පොලීසිය කියයි.

මෙම අඹුසැමි යුවල අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කාන්තාවක් සහ ඇගේ සැමියාව මිනුවන්ගොඩ පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here