Home උණුසුම් පුවත් ක්‍රිකට් ලො‍ක්කෝ කෝප් කමිටුවට

ක්‍රිකට් ලො‍ක්කෝ කෝප් කමිටුවට

ක්‍රිකට් ලො‍ක්කෝ කෝප් කමිටුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද දිනයේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

ඒ අනුව අද පස්වරු 02.00ට ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

එහිදී විශේෂ වාර්තා 02ක් සහ මීට පෙර කෝප් කමිටු දෙකක සිදුකළ නිර්දේශ ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කළ යුතු බවට ආණ්ඩු පක්‍ෂය හා විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවක් පැය 7ක විවාදයකින් පසු පසුගිය බ්‍රහස්පතින්දා (9) පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here