තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රිමාන්ඩ් අයට ඇප සහන දෙන්නෙ මෙහෙමයි

    රිමාන්ඩ් අයට ඇප සහන දෙන්නෙ මෙහෙමයි

    නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අද පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට දුන් උපදෙස් පරිදි රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ට කඩිනමින් ඇප ලබාදිමට විරෝධය නොදක්වා සිටිය හැකි අවස්ථා පහත දැක්වේ.

    බන්ධනාගාර තුළ කොවිඩ් වසංගතය පැතිරීම පාලනය කිරීමට පිළියම් යෙදීම උදෙසා සහ රක්ෂිත බන්ධනාගාරවල තදබදය අවම කිරීමේ අරමුණින් රක්ෂිත බන්ධනාගාර ගත සැකකරුවන්ට මෙලෙස කලින් නමින් ඇප ලබාදීමේ ක්‍රමවේදයකට යාමට අපේක්ෂා කෙරේ.

    ඒ අනුව හෙරොයින්හි දළ බර ග්‍රෑම් 2- 4 අතර කාණ්ඩයේ සැකකරුවන්ට මාස තුනක කාලය තුළ ඇප ලබාදීමට විරුද්ධත්වයක් නොමැති බවට අදාල මහේස්ත්‍රාත් අධිකරණ දැනුවත් කළ යුතු බවට නීතිපතිවරයා උපදෙස් දී ඇත.

    එමෙන්ම දෙයාකාරයෙන් එක් ආකාරයට වසර එකක සිර දඬුවමකින් දඬුවම් කළ හැකි වැරදි සම්බන්ධයෙන් වන සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මුල් අවස්ථාවේදීම ඔවුන්ට ඇප ලබාදීමට වි දීමට විරුද්ධ විය හැකි සුවිශේෂ අවස්ථානුගත කරුණු නොමැත්තේ නම් ඇප ලබාදීමට විරුද්ධ නොවිය යුතු බවට එමගින් උපදෙස් දී තිබේ.

    එමෙන්ම ව්‍යවස්ථානුකූල ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන අවස්ථාවේදී වින්දිත දැරියන් අවුරුදු 11 ට අඩු නොවන සහ සැකකරු අවිවාහක සහ හෝ ඔවුන් අතර ප්‍රේම සම්බන්ධයක් තිබුණු බවට සාක්ෂි අනාවරණය වන්නේ නම් මුල් අවස්ථාවේදීම එවැනි සැකකරුවන්ට ඇප ලබා දීමට විරුද්ධ නොවන බවටත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img