Home special වසර 7කට පසු සෞදි අරාබි -ඉරාන නායක හමුවක්

වසර 7කට පසු සෞදි අරාබි -ඉරාන නායක හමුවක්

වසර 7කට පසු සෞදි අරාබි -ඉරාන නායක හමුවක්

 
 
සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි මහතා හමුවෙයි.

අරාබි-ඉස්ලාමීය නායකයන්ගේ විශේෂ ඒකාබද්ධ සමුළුවට සමගාමීව එම හමුව ඊයේ (11) පස්වරුවේ සිදුවිය.

මෙම වසරේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කිරීමෙන් පසු දෙරට නායකයන් අතර පැවති පළමු හමුව මෙය වීම විශේෂත්වයකි.
 
සෞදි අරාබිය සහ ඉරානය 2016 වසරේ දී රාජ්‍යතාන්ත්‍රික සබඳතා නවතා දැමීය.

චීනයේ මැදිහත්වීම යටතේ සෞදි අරාබි සහ ඉරාන නියෝජිතයන් මෙම වසරේ මාර්තු මාසයේ බෙයිජිං නුවර දී සංවාදයක් පැවැත්වූ අතර, රාජ්‍යතාන්ත්‍රික සබඳතා යථා තත්ත්වයට පත්කිරීමට දෙපාර්ශ්වය එකඟ වූ බව එහිදී නිවේදනය කෙරිණ.

සෞදි අරාබිය සහ ඉරානය අත්සන් තැබූ ඒකාබද්ධ ප්‍රකාශයක් ද නිකුත් කරනු ලැබීය.
 
ඉන් අනතුරුව, අප්‍රේල් මාසයේ 6 වැනිදා එම රටවල් යළිත් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබූ අතර, එදින සිට රාජ්‍යතාන්ත්‍රික සබඳතා නැවත ආරම්භ කරන බව ද ප්‍රකාශයට පත්කෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here