Home උණුසුම් පුවත් දීපවාලි අදයි

දීපවාලි අදයි

දීපවාලි අදයි

අධර්මය පරදවා ධර්මය ජය ගැනීම සංකේතවත් කරමින් හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී දිනය අදයි.

විෂ්ණු දෙවිඳුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් දීපාවලී දිනය සමරයි.

තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාට ද ආලෝකය දැකීමට ඉඩ සළසන්නැයි, පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිඳුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වේද සාහිත්‍යයේ සඳහන් වේ.

හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කර පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ , ඒ ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිවයි.

හින්දු බැතිමතුන් සමරනු ලබන වර්ණවත්ම උත්සවය දීපවාලි බවද සැළකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here