Home උණුසුම් පුවත් ක්‍රිකට් බෝඩ් එක ඉවත් කරන යෝජනාව සම්මතයි -මාලිමාව මඟඅරියි

ක්‍රිකට් බෝඩ් එක ඉවත් කරන යෝජනාව සම්මතයි -මාලිමාව මඟඅරියි

ක්‍රිකට් බෝඩ් එක ඉවත් කරන යෝජනාව සම්මතයි -මාලිමාව මඟඅරියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු දූෂිත නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය.

ඒ ඡන්ද විමසීමකින් තොරවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ගෙන ආ වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල මහතා විසින් ස්ථිර කරන ලද එම යෝජනාව සඳහා ඡන්දයක් අවශ්‍ය නොවන බවත් එය දැනටමත් සම්මත වී ඇති බවත් සභානායකවරයා ප්‍රකාශයට පත්කළේය.

කෙසේවෙතත් ජාතික ජනබලවේග මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවවට සහභාගි වී නොසිටියහ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ යෝජනාව මෙලෙස අද දින ඒකමතිකව සම්මත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here