තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ටයිම් අවුට් බංගලියන්ට ලංකාව පරදියි

    ටයිම් අවුට් බංගලියන්ට ලංකාව පරදියි

    ලොව පළමු ටයිම් අවුට් විකට්ටුව දවා ගත් බංග්ලාදේශය අද(06) දිල්ලියේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 3ක ජයක් ලබා ගත්තේය.

    පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 279ක් ලබාගත් අතර, පිත්තෙන් දස්කම් පෑ චරිත් අසලංක පන්දු එකසිය පහකදී ලකුණු 108ක් ලබා ගත්තේය.

    280ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය කඩුලු හතක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය. නායක ශකිබ් අල් හසන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

    මෙම තරගය ලෝක ක්‍රිකට් ඉතිහාසයට එක්වන්නේ ටයිම් අවුට් ලෙස ක්‍රීඩකයකු දවාගත් පළමු තරගය ලෙසයි. ශකිබ් අල් හසන්ගේ ඉල්ලීමට අනුව දැවී ගිය ක්‍රීඩකයා වූයේ ඇන්ජලෝ මැතිව්ස් ය.

    බංග්ලාදේශය පස් වතාවක් ලෝක කුසලාන තරගයහි ශ්‍රී ලංකාව සමග තරගකොට ඇතත් ඔවුන් ජයගත් එකම තරගය ද මෙය වේ.

    ශ්‍රී ලංකාව 279 (49.3)
    බංග්ලාදේශය 282/7 (41.1)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img