තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ක්‍රිකට් ප්‍රශ්න විසඳන්න කැබිනට්ටුවෙන් අනුකමිටුවක්

    ක්‍රිකට් ප්‍රශ්න විසඳන්න කැබිනට්ටුවෙන් අනුකමිටුවක්

    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ මතුවූ ගැටලු නිරාකරණයට විශේෂ කැබිනට් අනුකමිටුවක් පත්කිරීමට අද (06) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ.

    විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතාගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම කැබිනට් අනු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරුන් පත් කර ඇත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලු විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම මෙම කැබිනට් අනු කමිටුවට පැවරේ.

    හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ද අදහස් ලබාගනිමින් වත්මන් තත්ත්වය විමර්ශනය කිරීමට සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කැබිනට් අනු කමිටුව කටයුතු කරනු ඇත.

    මීට අමතරව, ජනාධිපති ලේකම්වරයා විසින් නම් කරන ලද ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු, මෙම අනු කමිටුවේ ලේකම්/කැදවුම්කරු ලෙස කටයුතු කරනු ඇත. කමිටුවේ කටයුතු කාර්යක්ෂමව සම්බන්ධීකරණය සහ පහසු කිරීම ලේකම්/කැඳවුම්කරුවෙකු පත්කිරීමේ අරමුණයි.

    තවද, මෙම කමිටුවේ සාකච්ඡා සඳහා අවශ්‍ය යැයි සලකන ඕනෑම නිලධාරියෙකුගේ හෝ අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගේ සේවය ලබා ගැනීමට ද අමාත්‍ය මණ්ඩලය විසින් මෙම අනුකමිටුවට බලය පවරා ඇත.

    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ ගැටලු වඩාත් සාර්ථක ලෙස විසඳීම සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම ලබා ගැනීම සහ පුළුල් පරාසයක් තුළ කරුණු සලකා බැලීම මෙම සමස්ත කටයුතුවල අරමුණයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img