Home උණුසුම් පුවත් කප්පම නොදුන් ලොරියට වෙඩි

කප්පම නොදුන් ලොරියට වෙඩි

0
කප්පම නොදුන් ලොරියට වෙඩි

වලස්මුල්ලේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් ගෘහ භෘණ්ඩ ගබඩාවක් අසල නවතා තිබුණු ලොරි රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව වලස්මුල්ල පොලීසියය කියයි.

මෙම ව්‍යාපාරිකයා ගෘහ භාණ්ඩ හා විදුලි උපකරණ වෙළඳ සැල් කිහිපයකම හිමිකරුවෙක් බව පොලීසිය කියයි.

මෙම ව්‍යාපාරිකයාට නාදුනන පුද්ගලයෙක් විසින් දින කිහිපයක් තිස්සේ දුරකථන ඇමතුම් දෙමින් රුපියල් කෝටි දෙකක කප්පම් ඉල්ලා ඇති බව ද පොලීසිය කියයි.

කප්පම් නොදීම හේතුවෙන් බිය ගැන්වීම සඳහා මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි සැකකරන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here