fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පළතුරු කඩේට පස්කන්දක් වැටී හිමිකාරිනිය මියයයි (📸)

    පළතුරු කඩේට පස්කන්දක් වැටී හිමිකාරිනිය මියයයි (📸)

    මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ පිහිටි පළතුරු වෙළඳසැලක් මතට ඊයේ(04) පස්කන්දක් කඩාවැටීමෙන් එහි හිමිකාරිනිය මියගොස් ඇත.

    මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදී රඹුක්වැල්ල දුම්බර කණිෂ්ඨ විද්‍යාලය ආසලදීය.

    තෙල්දෙණිය සියඹලාගස්තැන්නේ පදිංචි දෙදරු මවක වන 36 හැවිිරිදි නිර්මලා රත්නායක මහත්මිය මෙම අනතුරින් මරණයට පත්ව තිබේ.

    පවුලේ සෙසු සාමාජිකයන් වෙළඳ සැලෙන් ඉවතට පැමිණ ඇති අතර පස් කන්ද කඩා වැටීමෙන් කාන්තාව ඊට යටවී තිබේ.

    බැකෝ යන්ත්‍රයක් යොදා පස් ඉවත් කොට කාන්තාව එළියට ගන්නා අවස්ථාව වන විටත් ඇය මරණයට පත්ව ඇතැයි තෙල්දෙණිය දිස්ත්‍රික් රෝහලේ ප්‍රකාශය වූ සඳහන් කළේය.

    දිගින් දිගටම මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් අවදානම් සහිත ස්ථාන හඳුනා ගැනීමට මහනුවර දිස්ත්‍රික් ආපදාකළමනාකරණ ඒකකය කටයුතු යොදා තිබේ.

    අවදානම් සහිත ස්ථාවල පදිංචිකරුවන් විමසිලිමත් වන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න