Home උණුසුම් පුවත් අවිවාහක ආධුනික කොස්තාපල්වරිය දරුවෙක් බිහිකිරීමක් සම්බන්ධයෙන් විමර්ශනයක්

අවිවාහක ආධුනික කොස්තාපල්වරිය දරුවෙක් බිහිකිරීමක් සම්බන්ධයෙන් විමර්ශනයක්

0
අවිවාහක ආධුනික කොස්තාපල්වරිය දරුවෙක් බිහිකිරීමක් සම්බන්ධයෙන් විමර්ශනයක්
File Photo

ආධුනික සේවා කාලය තුළ දරු උපතක් සිදුකළ පොලිස් කොස්තාපල්වරියක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසියට ලද තොරතුරක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර ඇත.

මෙම නිලධාරිනිය දැරණියගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින්නියකි.

ආධුනික සේවා කාලය තවමත් සම්පූර්ණකර නොමැති ඇය ඇය අවිවාහකව දරු උපතක් සිදුකර ඇති බවට තොරතුරක් ලැබී ඇත්තේ නාරාහේන්පිට පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයටය.

ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ නාරාහේන්පිට පිහිටි පුද්ගලික රෝහලකදී ඇය බිළිදියක ප්‍රසූතිකර ඇති බවය.

විමර්ශනයේදී හෙළිවී ඇත්තේ එම නිලධාරිනිය ඕපනායක පදිංචි හමුදාවෙන් ඉවත්ව සිටින සෙබලෙක් සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවය. එම හමුදා සෙබලා ඇය විසින් ප්‍රසූති කළ බිළිදියගේ පියා බවද විමර්ශනයේදී අනාවරණය වී ඇත. දෙදෙනාම අවිවහාක අය බැවින් බිළිදිය කුලවැද්දීමේ පනත යටතේ නීතීඡයෙකු මාර්ගයෙන් පොල්ගස්ඕවිට ප්‍රදේශයේ යුවලකට ලබාදී ඇති බවද අනාවරණය වී තිබේ.

දරු ප්‍රසූතිය සඟවා ඇත්තේ ආධුනික සේවා කාලයක සිටින බැවින් රැකියාව අහිමිවෙතැයි බියෙන් බවද ඇය විමර්ශනයේදී පොලිස් නිලධාරිනියන්ට පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here