තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විවේචන මැද්දේ ක්‍රිකට් ආයතනයේ ලේකම් ඉල්ලා අස්වෙයි

    විවේචන මැද්දේ ක්‍රිකට් ආයතනයේ ලේකම් ඉල්ලා අස්වෙයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ.

    මෙම ඉල්ලා අස්වීම සිදුවන්නේ, ජයගැනීමට හැකියාව පවතිද්දී දිගින් දිගටම සිදුවන තරග පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ක්‍රිකට් තේරීම් කමිටුවට විරුද්ධව, විෂය භාර අමාත්‍යවරයා ඇතුළුව පාර්ශ්ව කිහිපයකින්ම විවේචන එල්ල වෙමින් ඇති පසුබිමක දී ය.

    දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ නොතබා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ඊයේ ප්‍රකාශ කළේය.

    කෙසේවෙතත් ජනාධිපතිවරයාට මෙම අර්බුද විසඳීමට මැදිහත් වන ලෙස ක්‍රිකට් අයාතනය විසින් ජනපති වෙත ලිපියක් යවා තිබුණේ විෂයබාර අමාත්‍යවරයාගේ චෝදනා ප්‍රතික්ෂේප කරමිනි.

    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරාජයන්වලට ක්‍රිකට් බලධාරීන් වගකිව යුතු බවට පවසමින් ඔවුන්ට එරෙහිව පාර්ශ්ව කිහිපයකින් අද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට සත්‍යග්‍රහ, විරෝධතා ද පවත්වා තිබුණි.

    සබැඳි පුවත්
    “දැඩි ක්‍රියාමාර්ග ගන්න කලින් SLC සහ ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙන්න” -ක්‍රීඩා ඇමති

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img