Home special ඇෆ්ගනිස්ථානය ප්‍රසාද සටහනේ 5 වැනි තැනට

ඇෆ්ගනිස්ථානය ප්‍රසාද සටහනේ 5 වැනි තැනට

0
ඇෆ්ගනිස්ථානය ප්‍රසාද සටහනේ 5 වැනි තැනට

ලෝක කුසලාන තරගාවලියේ තමන්ට හිමි තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී ප්‍රසාද සටහනේ 5වැනි තැනට පැමිණීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම අද(03) සමත්විය.

නෙදර්ලන්තය සමඟ අද ලක්නව් හි පැවැති තරගය කඩුලු 7කින් ජයගත් ඇෆ්ගනිස්ථානය මෙසේ සිය ස්ථානය ඉදිරියට ගෙන ඒමට සමත්ව තිබේ.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථානයට ඉතිරිව ඇත්තේ ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත තරග ද්විත්වයයි.

අද පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 179කට සීමා කිරීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නෝ සමත්වූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් නබි ලකුණු 28කට කඩුලු 3ක් දවා ගත්තේය. තරගයේ වීරයා සම්මානය හිමි වූයේ ද ඔහුටයි.

ප්‍රසාද ලකුණු සටහනේ සිවු වැනි තැනට පත්ව ඇත්තේ නවසීලන්ත කණ්ඩායමයි. ඇෆ්ගනිස්ථානය හා නවසිලන්තය මේ වනවිට සමාන තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීම ද විශේෂත්වයකි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ඕනෑම කණ්ඩායමක් ප්‍රසාද ලකුණු සටහනේ සිවු වැනි තැනට හෝ ඊට පෙර ස්ථානයක් වෙන් කරගතයුතුවේ.

නෙදර්ලන්තය 179 (46.3)

ඇෆ්ගනිස්ථානය 181/3 (31.3)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here