Home උණුසුම් පුවත් විදුලිබල ක්ෂේත්‍රයට පෞද්ගලික අංශයටත් දොර ඇරෙන කෙටුම්පත කැබිනට්ටුවට

විදුලිබල ක්ෂේත්‍රයට පෞද්ගලික අංශයටත් දොර ඇරෙන කෙටුම්පත කැබිනට්ටුවට

විදුලිබල ක්ෂේත්‍රයට පෞද්ගලික අංශයටත් දොර ඇරෙන කෙටුම්පත කැබිනට්ටුවට

විදුලිබල අංශයේ යෝජිත ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අද දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ නිරීක්ෂණය සහ අනුමැතිය සඳහා එම කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි.

යෝජිත ප්‍රතිසංස්කරණ මගින් විදුලිබල මණ්ඩලයේ සේවාවන් විවෘත කිරීම, කාර්යක්ෂමතාව, විනිවිදභාවය, තරඟකාරිත්වය වැඩිදියුණු කිරීම සහ විදුලි කර්මාන්තය වෙත පෞද්ගලික අංශයේ සහභාගීත්වයට ඉඩ සැලසෙන බව අමාත්‍යවරයා කියයි.

මෙම කෙටුම්පත පසුගිය මාස 10 පුරා සකස් කරන ලද්දක් බව අමාත්‍යවරයා සඳහ් කරයි. ඒ සංවර්ධන ආයතන සහ කර්මාන්ත පාර්ශවකරුවන්ගේ බලශක්ති සහ නීති විශේෂඥයින්ගේ සහාය ඇතිව ය.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් යෝජිත සංශෝධන, නීති කෙටුම්පත් සම්පාදක විසින් සළකා බැලීමෙන් පසු මෙම පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ සහතිකය පසුගිය සතියේ ලැබී තිබුණි.

අමාත්‍ය මණ්ඩලය විසින් මෙම පනත් කෙටුම්පත අනුමත කිරීමෙන් අනතුරුව එය ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවටට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here