Home උණුසුම් පුවත් නගරසභාවේ සල්ලි ලක්ෂ ගානක් දුවගේ මඟුලට ගෙනිච්ච මිස්ට වෙච්ච දේ..

නගරසභාවේ සල්ලි ලක්ෂ ගානක් දුවගේ මඟුලට ගෙනිච්ච මිස්ට වෙච්ච දේ..

නගරසභාවේ සල්ලි ලක්ෂ ගානක් දුවගේ මඟුලට ගෙනිච්ච මිස්ට වෙච්ච දේ..

මහනුවර මහනගර සභාවේ ගිණුමට බැර කළ යුතුව තිබූ රුපියල් ලක්ෂ 51 ක මුදලක් සිය දියණියගේ විවාහ මංගල උත්සවයකට වැයකිරීමට රැගෙන ගිය බව කියන එහි මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි.

ඒ, සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව ය.

මහනුවර නගර සභාවේ නාගරික කොමාසාරිස් ඉෂාන් විජේතිලක මහතා විසින් අදාළ සේවිකාවගේ වැඩ තහනමට අදාළ නිර්දේශය පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයා මගින් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත යොමුකර ඇතැයි වාර්තා වේ.

එම නිර්දේශයට අනුව පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් වැඩ තහනම් කිරීමේ ලිපිය, අදාළ නිලධාරිනිය වෙත එවා ඇති බව ද සඳහන් ය.

මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ ස්ථාන කිහිපයක ව්‍යාපාරිකයික්ට පෙරවරුවේ 10%ක පොලියකට මුදල් ලබාදී පස්වරුවේ පොලිය ද සමඟ මුදල් අයකරගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද අනාවරණය වී ඇත.

මහනගර සභාවේ ගිණුම් අංශයට එකතුවන මුදල් නගරසභා සේවකයින් මේ අයුරින් පොළියට දීම සඳහා යොදාගත්තේ ද යන්න විමර්ශන නිලධාරීහු සැක පළකරති.

මහනුවර මහනගර සභාවේ ගිණුම් අංශය වෙත කරනු ලබන සියලු ගෙවීම්, තැපැල් දෙපාර්තමේන්තුව හරහා නගර සභා ගිණුමට බැර කිරීමට හැකි පරිදි වැඩපිළිවෙළක් සකස් කළ බව මහනුවර නාගරික කොමාසාරිස් කාර්යාලය පවසයි.

මෑතකාලයේදී වාර්තා වූ වංචා හා දූෂණ සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here