Home උණුසුම් පුවත් පාතාලයෙක් රඳවා ඉන්න පොලීසියේ වීඩියෝ කළ තරුණයෙක් කොටු

පාතාලයෙක් රඳවා ඉන්න පොලීසියේ වීඩියෝ කළ තරුණයෙක් කොටු

0
පාතාලයෙක් රඳවා ඉන්න පොලීසියේ  වීඩියෝ කළ තරුණයෙක් කොටු

පාතාල කල්ලි නායක මාකිලංගමුවේ සංජීව රදවා සිටින වීරගුල පොලිස් ස්ථානයේ ආරක්ෂක විධිවිධාන ඇතුළු පොලිස් ස්ථාන කිහිපයක් සහ තිහාරිය නගරයේ පිහිටීම වීඩියෝගත කළ තරුණයෙකු නිට්ටඹුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නාවලපිටිය සේලම්බ්‍රිජ් හී පදිංචිකරුවෙක් වන එම්.එම්. එම්. සාජිත් නැමැති 27 හැවිරිදි තරුණයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සිය රැකියාව ලෙස පොලීසියට පවසා ඇත්තේ රියදුරෙක් බවය.

නිට්ටඹුය පොලිස් ස්ථානයේ ප්‍රධාන ගොඩනැගිල්ල හා අවට ප්‍රදේශය ජංගම දුරකථනයකින් වීඩියෝගතකරමින් සිටියදී සැකපිට මෙම තරුණයාව අත්අඩංගුවට ගෙන ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ඔහු වීරගුල පොලීසියත් වීඩියෝගතකර ඇති බව හෙළිවී තිබේ.

වීරගුල පොලිස් ස්ථානයේ ගොඩනැගිලි, වාහන, පොලීසිය දෙපැත්තේ ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂක මුරකපොලු, නිලධාරීන් අත ඇති ගිනි අවි ආදිය මෙම පුද්ගලයා වීඩියෝගතකර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

තිහාරිය නගරයේ පිහිටීම වැදගත් ස්ථාන ආදියද මෙම පුද්ගලයා විසින් වීඩියෝගතකර ඇති බැවින් සහ ඔහු මෙම ස්ථාන වීඩියෝගත කිරීමට සාධාරණ හේතුවක් පැවසීමට අපොහොසත් වීම හේතුවෙන් පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. මේ වන විට ඔහුව රැදවුම් නියෝගමත රදවාගෙන විමර්ශන පවත්වන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here