Home දේශීය පුවත් උණුසුම් පුවත් ආදිවාසී නායකයා රැහේ එවුන් අරන් යාපනේ යයි

ආදිවාසී නායකයා රැහේ එවුන් අරන් යාපනේ යයි

0
ආදිවාසී නායකයා රැහේ එවුන් අරන් යාපනේ යයි

ආදි වාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් ඇතුළු ආදී වාසීන් පිරිසක් යාපනයේ සංචාරයක නිරතව ඇත.

ආදී වාසී නායකයා සමඟ මෙම සංචාරයට 75 ක පමණ ආදී වාසීන් පිරිසක් සහභාගිවී තිබේ.

මෙම සංචාරය ආදී වාසී නායකයා කර ඇත්තේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් කළ ආරාධනයකට අනුවය.

මෙම පිරිස පිළිගෙන ඇත්තේ යාපනය නියෝජ්‍ය පොලිස්පති මංජුල සෙනරත් මහතා විසිනි. කන්කසන්තුරය මාවඩිපුරම් කෝවිලේ පැවති විශේෂ පූජාවකටද මේ අය සහභාගිවී තිබේ.

නාගදීප විහාරස්ථානය, නාගපුෂනි අම්මාන් කෝවිල, යාපනය කොටුව සහ යාපනය පුස්තකාලය ඇතළු ස්ථාන ආදී වාසී නායකයා ඇතුළු කණ්ඩායම මෙම සංචාරයේදී නරඹා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here