තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට දැනටමත් පදක්කම් 7ක්

    ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට දැනටමත් පදක්කම් 7ක්

    චීනයේ මේ දිනවල පැවැත්වෙන 4 වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී මේ වනවිට පදක්කම් 7ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්ව සිටිති.

    ඒ අනුව නවතම වාර්තාව වන්නේ පිරිමි මීටර් 100 T63 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩක අනිල් ප්‍රසන්න ජයලත් සමත් වීමත් සමඟයි.

    ඔහු එම ඉසව්වේ දෙවැනි ස්ථානයට පත් වීමට තත්පර 12.98ක කාලයක් ගත කළේය.

    ශ්‍රී ලංකාව මේ වන විට රන් 2ක්, රිදී 3ක් සහ ලෝකඩ 2ක් ඇතුළුව සමස්ත පදක්කම් 7ක් ලබා පදක්කම් සටහනේ 18 වැනි ස්ථානයේ පසුවෙයි.

    සත්කාරක චීනය රන් පදක්කම් 181ක් ඇතුළුව සමස්ත පදක්කම් 450ක් සමඟින් පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටින අතර, පිළිවෙලින් ඉරානය සහ ජපානය දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙයි.

    2022 ආසියානු පැරා ක්‍රීඩා උළෙල Covid-19 වසංගතය හේතුවෙන් කල්දැමීමෙන් පසු 2023 ඔක්තෝබර් 22 වන දින චීනයේ Hangzhou හිදී ආරම්භ විය.

    බහු ආංශික ක්‍රීඩා තරගාවලිය හෙට (28) දක්වා පැවැත්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img