Home දේශීය පුවත් උණුසුම් පුවත් පිටකොටුවේ ගින්නෙන් 21ක් රෝහලේ (📸)

පිටකොටුවේ ගින්නෙන් 21ක් රෝහලේ (📸)

පිටකොටුවේ ගින්නෙන් 21ක් රෝහලේ (📸)

පිටකොටුව 2 වන හරස් වීදියේ සිදුවූ ගිනි ගැනීමකින් පුද්ගලයන් 21 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

2 වන හරස් වීදියේ පිහිටි මහල් 8කින් යුත් රෙදිපිළි වෙළඳසැලක් අද (27) උදෑසන මෙලෙස ගිනිගැනීමට ලක්විය.

පිළිස්සුම් තුවාල ලැබූ සහ ශ්වසන අපහසුතා ඇතිවූ පුද්ගලයන් මෙලෙස රෝහල්ගත කර ඇත.

ගිනිනිවන ඒකකයේ ගිනි නිවන රථ 13 ක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ද වහා ගින්න පාලනයට කටයුතු කළේය.

එම වෙළඳසැලේ ගින්න මහල් ගොඩනැගිල්ලේ මහල් කිහිපයක් පුරා පැතිර තිබුණි.

පිටකොටුවේ ගින්න පිළිබඳ වීඩියෝ මෙතැනින්.

 

ඡායාරූප – ශ්‍රී ලංකා ගුවන් හමුදාව/ තිළිණ කළුතොටගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here