Home දේශීය පුවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට වරාය නගර කෙටුම්පත සංශෝධනයට

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට වරාය නගර කෙටුම්පත සංශෝධනයට

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට වරාය නගර කෙටුම්පත සංශෝධනයට

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ ය නියම කළ ආකාරයටම සංශෝධන සහිතව අද (19) දහවල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ අද පැවති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අතරවාරයේ විපක්ෂය මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුම්දීම අනුව මෙම පනත් කෙටුම්පතේ වගන්ති 25ක් සඳහා සංශෝධන 29ක් ඉදිරිපත් කිරීම අවශ්‍ය බව මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ අනුව මුලිමනින්ම එම තීරණයට ගරු කරමින් නියම කළ ආකාරයටම පනත් කෙටුම්පත සභාගත කරන බව අමාත්‍ය අලි සබ්‍රි මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here