තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්2030 දී චීනයට පමණක් දෙවැනි ආසියාවේ බලවතා ඉන්දියාවයි

    2030 දී චීනයට පමණක් දෙවැනි ආසියාවේ බලවතා ඉන්දියාවයි

    2030 වනවිට ඉන්දියාවේ ආර්ථිකය, ආසියා පැසිෆික් කලාපයේ දෙවන විශාලතම ආර්ථිකය වනු ඇති බව S&P Global Market Intelligence සිය නවතම විවරණයේදී පවසා තිබේ.

    ඉන්දීය ආර්ථිකය ඒ වනවිට ජපානය සහ ජර්මනිය අභිබවා යන බව එම වාර්තාව අනාවැකි පළකරයි.

    චීනය ආසියාවේ විශාලතම ආර්ථිකය හිමි රාජ්‍යයයි.

    පුළුල් වන පාරිභෝගික වෙළඳපොල සහ විශාල කාර්මික අංශයක් සමඟින් මෙම වර්ධනය සිදුවනු ඇති බව එහි සඳහන් ය.

    වර්තමානයේ එනම් 2023-24 වර්ෂයන්හිදී ඉන්දියාව ආර්ථිකයේ ප්‍රමාණය අනුව, ඩොලර් ට්‍රිලියන 3.7 ක් දක්වමින් පස්වන ස්ථානයේ සිටී.

    ඉන්දියාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය USD වලින් මනිනු ලබයි.

    2022 දී ඩොලර් ට්‍රිලියන 3.5 සිට 2030 වන විට ඩොලර් ට්‍රිලියන 7.3 දක්වා ඉන්දීය ආර්ථිකය ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත.

    මෙම වේගවත් ආර්ථික ප්‍රසාරණය හේතුවෙන් 2030 වන විට ඉන්දියානු GDP ප්‍රමාණය ජපාන GDP ඉක්මවන අතර ඉන්දියාව දෙවන ස්ථානයට පත් වනු ඇත.

    ඒ අනුව ඉන්දියාව ආසියා පැසිෆික් කලාපයේ දෙවන විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇතැයි ආසියා පැසිෆික් ප්‍රධාන ආර්ථික විද්‍යාඥ රජිව් බිස්වාස් සඳහන් කර ඇත.

    2030 වන විට ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය ජර්මනිය අභිබවා යනු ඇතැයි පුරෝකථනය කර ඇති බව වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

    වසර කිහිපයකින් භාරතය ලෝකයේ විශාලතම ආර්ථිකයන් 3 අතරට පත් වනු ඇති බව ගිය මාසයේ පැවති Vibrant Gujarat Global සමුළුවේ 20 වසර සැමරීමේ උත්සවයේදී අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img