
පලස්තීන-ඊශ්‍රායල තත්ත්වය පිළිබඳ තීරණ කෙටුම්පත් දෙකක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී නිෂ්ප්‍රභ වෙයි.
රුසියාව හා ඇමරිකාව විසින් ඉදිරිපත් කෙරුණු එම කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලය ඊයේ (25) ඡන්ද විමසීමක් පැවැත්වීය. මෙහිදී රුසියාව ඉදිරිපත් කළ කෙටුම්පතට පක්ෂව චීනය ඡන්ද ප්‍රකාශ කළ ද ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් නොලැබීම හේතුවෙන් එය නිෂ්ප්‍රභ විය. ඇමරිකාව ඉදිරිපත් කළ අනෙක් කෙටුම්පත නිෂ්ප්‍රභ වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්ථාවර සාමාජිකත්වය දරන රුසියාව හා චීනය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත චං ජුන් මහතා, චීනය ඇමරිකාවේ කෙටුම්පතට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කිරීමට අදාළ හේතු මෙහිදී පැහැදිලි කළේ ය. ලෝකයේ වැඩි අවධානයට ලක්ව ඇති ‘සටන් විරාමය’ පිළිබඳව එයින් ප්‍රකාශ නොවන බවත්, එම කෙටුම්පත ගැටළුව නිරාකරණය කිරීමට හිතකර නොවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. මේ හේතුවෙන් ඇමරිකාවේ කෙටුම්පත, සම්මත කිරීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම සපුරා නැතැයි ද චං ජුන් මහතා පැවසීය.