තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැතිව්ස් පන්දු යවයි -එංගලන්තය පහර දෙයි

    මැතිව්ස් පන්දු යවයි -එංගලන්තය පහර දෙයි

    ශ්‍රි ලංකා කණ්ඩායම මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මුහුණ දෙන පස්වැනි තරගය එංගලන්තයට එරෙහිව බැංගලොර් ක්‍රීඩාගංණයේ දී මේ වනවිට පැවැත්වෙයි.

    කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීම තෝරාගත් එංගලන්තය පන්දුවාර 13.2 අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 68ක් ලබා සිටියි.

    ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්වූ අතර පළමු කඩුලු දෙකම දවා ගැනීමට ඔහුගේ සහය ලැබීම විශේෂත්වයකි.

    මැතිව්ස් මේ වනවිට පන්දුවාර තුනක් යවමින් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්ව සිටියි. කසුන් රාජිත අනෙක් කඩුල්ල දවා ගත් අතර ඉතිරි කඩුල්ල මෙන්ඩිස් හා මැතිව්ස් එක්ව ලබාගත් දුවද්දී දැවීයාමකි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img