තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දස වසරකට පසු මෙක්සිකෝ-ශ්‍රී ලංකා නිල ගිවිසුමක්

    දස වසරකට පසු මෙක්සිකෝ-ශ්‍රී ලංකා නිල ගිවිසුමක්

    වසර 10 ක උත්සාහයක් මල්ඵල දරමින් ශ්‍රී ලංකාව හා මෙක්සිකෝව අතර සියලු ක්ෂේත්‍ර ආවරණය වන ගිවිසුමක් පසුගියදා මෙක්සිකෝ හිදී අත්සන් කර තිබේ.

    ඇමෙරිකාවෛ් ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා හා මෙක්සිකෝ නියෝජ්‍ය විදේශ ඇමතිනි කාමෙන් මොරෙනෝ ටොස්කානෝ මහත්මිය අතර ගිවිසුම අත්සන් තැබිණ.

    ඒ හරහා දෙරට අතර සමාජ ආර්ථික දේශපාලන මානව හිමිකම් සංචාරක ඇතුළු සියලු ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවට ශක්තිමත් යාන්ත්‍රණයකට පදනම වැටිණ.

    මෙහිදී සිදුකළ සාකච්ඡාවේදී ලංකාව මුහුණ පෑ ආර්ථික ගැටලු හා ඉන් මිදීමට ගත් ක්‍රියාමාර්ග ගැන තානාපතිවරයා පැහැදිලි කළේය.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) හා ණය පුතිව්‍යුහගත කිරීම, මානව හිමිකම්, සංහිදියාව ගැනද අවධානය යොමු කෙරිණ. දෙරට අතර නිළ සාකච්ඡා කොළඹදී පැවැත්වීමේ එකඟතාව ද ඇතිවිය.

    එරට විදේශ අමාත්‍යාංශ මානව හිමිකම් අධ්‍යක්ෂ ජෙනරාල් රොබෙටෝ ඩි ලියොන් මහතා සමග කල සාකච්ඡාවේදී ශ්‍රී ලංකවේ මානව හිමිකම් හා සංහිදියාව වෙනුවෙන් ගත් පියවර පැහැදිලි කෙරිණ.

    සෙනෙට් සභික හෙක්ටර් වැස්කොන්සිලොස් මහතාගේ හමුවේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ලිපියක් ඔහුට බාරදීම ද සිදුවිය. අගමැතිගේ හා සෙනෙට් සභිකයාගේ පියවරු අතර තිබූ සබදතාව ඉන් සිහිපත් කර තිබිණ.

    ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා අනාගත ඉලක්ක ගැන ද තානාපති මහින්ද සමරසිංහ මහතා පැහැදිලි කළේය.

    මෙක්සිකෝවේ ආයෝජන හා තාක්ෂණ ආයතනයේ (කොම්සේ) උප සභාපති ජෝර්ජ් ලොපෙස් මහතා හා තානාපතිවරයා අතර හමුවේදී දෙරට අතර ව්‍යාපාර හා ආයෝජන අපනයන අවස්ථා ගැන අවධානය යොමුවූ අතර ඒවා වැඩි දියුණු කිරීමට දෙපාර්ශවයේම එකගතාව පලවිය. දෙරට වාණිජ මණ්ඩල හරහා ඒකාබද්ධ ව්‍යාපාර ඇතිකිරීම හා මෙක්සිකෝව තුළින් ප්‍රති අපනයනය සිදු කිරීම ගැනද අවධානය යොමු කෙරිණ.

    ලංකාවේ කුරුඳු තේ පිගන්බඩු ඇඟලුම්වලට වැඩි ඉඩක් ලබා ගැනීමට තානාපතිවරයා දැරූ උත්සාහයට ඉහළ පුතිචාර පලවිය. තානාපති කාර්යාලයේ අමාත්‍ය ( වානිජ) චරිත යත්තෙගොඩ මහතා එහිදී කරුණු පැහැදිලි කරමින් ලංකාවෙන් අපනයනය කල හැකි දේවල් හා පෝට් සිටි ඇතුළු ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගැන පැහැදිලි කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img