Home උණුසුම් පුවත් “ණය ප්‍රශ්න විසඳද්දී හැමෝටම එකවගේ සළකන්න” -අමෙරිකාව කියයි

“ණය ප්‍රශ්න විසඳද්දී හැමෝටම එකවගේ සළකන්න” -අමෙරිකාව කියයි

“ණය ප්‍රශ්න විසඳද්දී හැමෝටම එකවගේ සළකන්න” -අමෙරිකාව කියයි

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවේ සියලුම ණය හිමියන්ට සමාන සහ සාධාරණ සැලකීම අත්‍යවශ්‍ය බව එක්සත් ජනපදය අවධාරණය කරයි.

ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා හමුවූ අවස්ථාවේදී මෙරට සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මේ බව පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) දෙවන වාරිකය ලබාගැනීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයේ ප්‍රගතිය සනිටුහන් කරමින් IMF හි කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමට එළැඹීම පිළිබඳ ඇය මහබැංකු අධිපතිවරයා වෙත සිය සුබ පැතුම් පළ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සාධාරණත්වයකින් යුතුව සිදුකිරීමේ අවශ්‍යතාවය ද ඇය මෙහිදී පෙන්වා දී ඇත.

එමෙන්ම එම කටයුතුවලට සම්බන්ධ වන සෑම පාර්ශ්වයකින්ම විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරිම ඉතා වැදගත් වන බව ද තානාපතිවරියගේ අදහසයි.

එක්සත් ජනපදය හැමවිටම ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ වර්ධනය සහතික කරමින් සාධාරණත්වය, විනිවිදභාවය, අඛණ්ඩතාව සහ අන්තර්ග්‍රහණය අගය කරන ආර්ථිකයක් වෙනුවෙන් කැපවී සිටින බව ද තානාපතිවරිය මෙහිදී මහබැංකු අධිපතිවරයා වෙත අවධාරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here