Home දේශීය පුවත් උණුසුම් පුවත් වොෂින්ටන් DC බෞද්ධ විහාරයේ කඨින පිංකම සාර්ථකව පැවැත්වේ

වොෂින්ටන් DC බෞද්ධ විහාරයේ කඨින පිංකම සාර්ථකව පැවැත්වේ

වොෂින්ටන් DC බෞද්ධ විහාරයේ කඨින පිංකම සාර්ථකව පැවැත්වේ

අමෙරිකාවේ වොෂින්ටන් DCහි පිහිටි බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම ලාංකිකයන් ඇතුළු 300කගේ පමණ බෞද්ධ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පවත්වා තිබේ.

වස් සමාදන්ව සිටි කැනඩාවේ ප්‍රධාන සංඝනායක පඤ්ඤාලෝක නාහිමි විහාරස්ථානාධිපති උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක, ගේදර්ස්බර්ග් පඤ්ඤාසීහ භාවනා මධ්‍යස්ථානාධිපති, මහරගම සිරි වජිරඥාණ ධර්මායතනාධිපති මහරගම ධම්මසිරි නාහිමි , වැයිහේනේ (ගාල්ල) පඤ්ඤාලෝක නාහිමි හා වතුලියද්දේ රතනසීහ හිමිවරුන්ගේ මූලිකත්වයෙන් පිංකම පැවැත්විණ.

විශේෂ ධර්ම දේශනා, බුද්ධ පූජාව, බෞද්ධ සංස්කෘතිකාංග වලින් සැදුම්ලත් විචිත්‍ර පෙරහැරක් ද වීදි සංචාරය කල අතර ධාතුකරඬුව වැඩමවූයේ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ සුරතිනි. දහවල් සංඝගත දක්ෂිණාවෙන් පසු පැමිණ සිටි සියලු දෙනාට දිවා භෝජනයද පිරිනැමිණි.

වොෂින්ටන් තානාපතිතුමා හා එම කාර්ය මණ්ඩලය, මෙට්‍රොපොලිටන් හි බෞද්ධ සැදැහැවතුන් හා වියට්නාමයේ බෞද්ධයන් පිරිසක් මෙවර පිංකමට දායකත්වය හා අනුග්‍රහය දක්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here