Home දේශීය පුවත් උණුසුම් පුවත් Techno-2023 ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි

Techno-2023 ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි

Techno-2023 ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි

“Techno 2023” ජාතික ඉංජිනේරු සහ තාක්ෂණ ප්‍රදර්ශනයේ දෙවන දිනය වන අද(21) දින සමාරම්භක උත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙම ප්‍රදර්ශනය ඊයේ(20) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ආරම්භ කරන ලදී.

ගුවන් නියමුවෙකු සහ වෘත්තිය ඉන්ජිනේරුවෙකු වන ගුවන් හමුදාපතිතුමන් සමාරම්භක කථනයේදි ආරක්ෂක හමුදා නවෝත්පාදනය තාක්ෂණික සොයාගැනීම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගිමේදි කෙතරම් දුරට ඉවහල්වනවාද යන්න පැහැදිලි කළේය.

වාර්ෂිකව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) විසින් සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය තුලින් අනාගතයේ නවෝත්පාදකයින් බිහිකිරීමට ඉමහත් අස්වැසිල්ලකි.

“Techno 2023” ප්‍රදර්ශනයේ මෙම වසරේ තේමාව වන්නේ ‘ඉංජිනේරු තාක්ෂණය තුලින් ආර්ථිකය ගොඩනැගීම’ යන්නයි.

“Techno 2023” යනු හුදෙක් ප්‍රදර්ශනයක් පමණක්ම නොවන අතර එය සංවාදය, දැනුම හුවමාරුව සහ ඉංජිනේරුතාක්ෂණික සහයෝගීතාවය සඳහා සංවිධානය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here